
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සිදුවිය හැකි ලේ වැගිරීම් පිළිබඳ ඉඟිපළ කරමින් පෝස්ටරයක් නිකුත් වීමත් සමග මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ යළිත් බියක් ඇති වී තිබේ.
ISIS හිතවාදීන් විසින් නිකුත් කර ඇතැයි පැවසෙන එම පෝස්ටරයේ උරහිසට උඩින් රයිෆලයක් සහිත හිස් වැසුම් පැළඳ සිටින පුද්ගලයෙකු පෙන්වන ග්‍රැෆික් නිර්මාණයක් පවතී.
එහි ලියා ඇත්තේ ‘ඔබ තරඟාවලිය ආරම්භ වන තුරු…’ යනුවෙනි.
අනතුරුව රුධිරය වැගිරෙන ලෙස දැක්වෙන පරිදි රතු පැහැ අකුරුවලින් ” අපි ඔබ එනතුරු…’ යනුවෙන් එම පෝස්ටරයේ සඳහන් කර ඇත.
එම පෝස්ටරයේ ජූනි 9 වැනිදා ‘නසාවු ක්‍රීඩාංගණයේ’ ලෙස සඳහන් වන අතර, ඉන් දැක්වෙන්නේ ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්තානය කණ්ඩායම් තරගයකදී හමුවන්නේ කවදාද සහ කොතැනද යන්න සම්බන්ධ තොරතුරු වේ.
ක්‍රීඩාංගණයට ඉහළින් පියාසර කරන ඩ්‍රෝන යානාවල පින්තූර සහ ඔරලෝසුවක් සහිත ඩයිනමයිට් සැරයටිය ද එයට ඇතුළත් ය.
කෙසේවෙතත්, DailyMail.com පුවත් සේවය වාර්තා කරන්නේ, ත්‍රස්ත ප්‍රහාරයක තර්ජන මට්ටම ඉහළ නැංවීමට සඳහා අමෙරිකානු බලධාරීන්ව පොළඹවීමට එම පෝස්ටරය සමත් වී නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, ‘තරගාවලියේ සිටින සෑම දෙනාගේම ආරක්ෂාව අංක 1 ප්‍රමුඛතාව’ වන බවයි.
එමෙන්ම තරගාවලිය වෙනුවෙන් සවිස්තරාත්මක සහ ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ දැක්වෙයි.
“අපි අපගේ සත්කාරක රටවල බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන අතර අපගේ සිදුවීමට හඳුනාගත් ඕනෑම අවදානමක් අවම කිරීම සඳහා සුදුසු සැලසුම් ක්‍රියාත්මක බව සහතික කිරීම සඳහා ගෝලීය භූ දර්ශනය අඛණ්ඩව අධීක්ෂණය සහ ඇගයීමට ලක් කරන්නෙමු.” යනුවෙන් ද නිවේදනයේ දක්වා ඇත.
T20 තරඟාවලිය ජුනි 1 සිට ජූනි 29 දක්වා අමෙරිකාවේ සහ කැරිබියන් දූපත් වල පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart