
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැතිවරණ කොමිසම විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවලට අනුව මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන අවධාරණය කරයි.
මේ වසරේ සැප්තැම්බර් 15 සහ ඔක්තෝබර් 17 අතර කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් නිවේදනයක් නිකුත් කර ඇති බව ඔහු පෙන්වාදෙයි.
අද (මැයි 29) කොළඹ ජාතික පුස්තකාල මණ්ඩලයේ පැවැති වැඩසටහනකින් අනතුරුව ජනමාධ්‍යවේදීන් අමතමින් ඔහු ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ කල්දැමීම පිළිබඳ යෝජනා ප්‍රතික්ෂේප කළේය.
කිසිම අවස්ථාවක ආණ්ඩුව හෝ පාලක සන්ධානය සාකච්ඡා නොකළ යෝජනා ඉදිරිපත් කිරීම වැරදි බව අගමැතිවරයා එහිදී කීවේය.
මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති බවත්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇති බවත්, මැතිවරණය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති බවත් අගමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart