May 29, 2024

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් මෙරට පරිසරයට වූ බලපෑම සඳහා වන්දි අය කර ගැනීමට සිංගප්පූරු අන්තර්ජාතික වාණිජ අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට විරෝධතා ඉදිරිපත් කිරීමට සති 5ක කාලයක් ලබා දී තිබේ.

ඒ අදාළ නෞකා සමාගම මෝසමක් මගින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට ජූලි 01 වැනි දා දක්වා අවස්ථාව ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර නෞකා සමාගමෙන් අය කර ගත යුතු වන්දි සීමා ඉවත් කර ගැනීම සඳහා ලන්ඩන් අද්මිරාල් මහාධිකරණයේ ලක් රජය ගොනු කළ මෝසමට එරෙහිව කරුණු දැක්වීම සඳහා ද නෞකා සාමාගමට කල් ලබා දී තිබේ.

ඒ අනුව ජූනි 28 වැනි දා දක්වා ඒ සඳහා ඔවුන්ට අවස්ථාව ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.