
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුර තලාව නගරයේදී පෙරේදා (26) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුවට එම දිස්ත්‍රික්කයේ ප්‍රබලයකු වන මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහභාගී නොවීම විශේෂත්වයක් විය.
එම රැස්වීමට පැමිණි බොහෝදෙනකු ඒ සම්බන්ධයෙන් කතාබස් කරනු ද දැක ගත හැකි විය.
මේ සමබන්ධයෙන් අප මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ සංවිධායකයන් ආරාධනා නොකළ හෙයින් තමා එම රැස්වීමට නොගිය බවයි.
අවමගුල් උත්සවයකට ආරාධනයක් නැතිව යා හැකි වුවත් රැස්වීමකට එසේ යා නොහැකි බව ද ඔහු සඳහන් කළේය.
“සටන අරඹමු රජ රටින්” යන තේමාව යටතේ මෙම ආසන සමුළුව පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.
මහින්ද රාජපක්ෂ මෙම රැස්වීමේදී අදහස් දැක්වීමෙන් වැළකී සිටීම ද තවත් විශේෂ සිද්ධියක් විය.
මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ජෝන්ස්ටත් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සංජිව ඉදිරිමාන්න, ඩී. වීරසිංහ, ජානක තිස්සකුට්ටිආරච්චි සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලාවැව ප්‍රධාන සංවිධායක උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. (ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart