
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ මූලෝපායික වත්කම් සහ සම්පත් පිළිබඳ ගෝලීය අවධානයට ලක්වන අංශක් ලෙස මිනිරන් අංශයේ ආයෝජන සුරක්ෂිත කර ගැනීම සඳහා චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය සහ ප්‍රංශය තරගයක යෙදී සිටින බව වාර්තා වේ.
ඒ, දැනට කර්මාන්තයට සම්බන්ධ කැනේඩියානු සහ ඕස්ට්‍රේලියානු සමාගම්වලට අමතර වශයෙනි.
විශේෂඥයන්ට අනුව, ශ්‍රී ලංකාව සතුව උසස් තත්ත්වයේ මිනිරන්වල පොහොසත් තැන්පතුවක් තිබේ.
මේ සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි පවසන්නේ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්රය සඳහා උනන්දුවක් දක්වන විදේශීය ආයෝජකයන් අතර ඉන්දියාවේ සහ චීනයේ සමාගම් සිටින බවයි.
උපරිම අගය එකතු කිරීම් කරන්නේ කවුද සහ උසස් කාර්මික යෙදුම් සඳහා මේවා භාවිත කරන්නේ කවුරුන්ද යන්න බැලිය යුතු බවත් රටේ බොහෝ ප්‍රදේශවල අතහැර දැමූ පතල් 3000කට අධික ප්‍රමාණයක් තිබෙන බැවින් ඒවා ඉල්ලා සිටිය හැකි බවත් ඔහු සඳහන් කරයි.
මෙරට මිනිරන් කර්මාන්තය දියුණු කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා ඉන්දීය රජයේ සහ පතල් සමීක්ෂණ කාර්යාංශයේ නිලධාරීන් අතර මූලික සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ.
සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාවේ මිනිරන් නිධි ගවේෂණය කිරීම සඳහා උසස් ගුවන් භූ භෞතික ගවේෂණ ශිල්පීය ක්‍රම භාවිත කිරීම වැනි ගවේෂණ සහ පතල් කැණීම් තාක්ෂණයන් දියුණු කිරීම සඳහා සහයෝගීව කටයුතු කිරීමට ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර ඇත.
නවීන කර්මාන්ත සඳහා භාවිත කිරීමට මිනිරන් උපරිම අගය එකතු කිරීම සහ EV බැටරි සහ ලිහිසි තෙල් වැනි මිනිරන් මත පදනම් වූ කර්මාන්ත ආරම්භ කිරීමේ හැකියාව පිළිබව දෙපාර්ශ්වය සළකා බලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart