
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එළඹෙන ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.
මාධ්‍ය හමුවේ ඔහු පැවසුවේ මෙම වසරේ නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි.
ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්‍ෂකයා ලෙස තරග කිරීමට බලාපොරොත්තු වන විජේදාස රාජපක්ෂ පැවසුවේ මැතිවරණයේදී එම පක්ෂය ශක්තිමත්ව ඉදිරියට එන බවද පවසමිනි පවසමිනි.
ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පසුගියදා තහවුරු කළේය.
ඔහු සිය ඇමැති මණ්ඩලයට පැවසුවේ මෙම වසරේ මැතිවරණය පැවැත්වීමට දැනටමත් මුදල් වෙන් කර ඇති බවයි.
ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනයක පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව ද පසුගියදා නිවේදනය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනත ප්‍රකාරව නියමිත කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක මෙම මැතිවරණයේ ප්‍රධාන තරඟකරුවන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ද මැතිවරණයට ඉදිරිපත් වන බව ජුනි මාසයේදී නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහට සහාය දෙන්නේද නැතහොත් තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද යන්න තවමත් තීරණය කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart