
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිවානය ආශ්‍රිත චීනයේ හමුදා ක්‍රියා ගෝලීය ප්‍රජාව විසින් විවේචනයට ලක් කර ඇති බව තායිවාන ජනාධිපති කාර්යාලය පවසයි.
චීනයේ ක්‍රියාකලාපය ජාත්‍යන්තර පිළිවෙලට අභියෝගයක් ලෙස ගෝලීය ප්‍රජාව විස්තර කළ බව තායිවාන පුවත් වාර්තා කරයි.
චීනයේ මෑතකාලීන ඒකපාර්ශ්වික ප්‍රකෝපකරනය තායිවාන සමුද්‍ර සන්ධියේ සාමයේ සහ ස්ථාවරත්වයේ පවතින තත්ත්වය යටපත් කරනවා පමණක් නොව, එය ජාත්‍යන්තරය අමු අමුවේ ප්‍රකෝප කිරීමක් ද වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි සැලකිල්ල සහ හෙලාදැකීමට හේතු වේ.” යනුවෙන් තායිවාන ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
චීනය ඉකුත් සිකුරාදා සහ සෙනසුරාදා යන දෙදින පුරා තායිවානයට එරෙහිව යුද අභ්‍යාසයක නිරත විය.
තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ තායිවානය වටා චීන හමුදාවේ ගුවන් යානා සහ නෞකා ක්‍රියාත්මක වෙමින් රට වටා සැලකිය යුතු චීන හමුදා කණ්ඩායම් රැඳී සිටින බව අනාවරණ වූ බවයි.
එම අමාත්‍යංශයට අනුව චීන මහජන විමුක්ති හමුදාවේ ගුවන් යානා 62 ක් සහ චීනයේ මහජන විමුක්ති හමුදා නාවික හමුදාවේ යාත්‍රා 27 ක් තායිවානය ආශ්‍රිතව ක්‍රියාත්මක වන අයුරු ඔවුන් සෙනසුරාදා දිනයේදී නිරීක්ෂණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart