
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු පොළොන්නරුවේ පැවති රැස්වීමකදී සමගි ජන බලවේගයට එක් වූ බවට කරන ප්රකාශයන් ජාතික ජන බලවේගය ප්රතික්ෂේප කර තිබේ.
එම පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු නොව ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයකු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
මන්නාරම ප්රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් දිසානායක කියාසිටියේ පොළොන්නරුව මහ නගර සභාවේ බැඳිවැව කොට්ඨාසයට තරඟ කිරීම සඳහා පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් හිටිහාමිලාගේ සමන් කුමාර යන අය ශ්රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයකු බවයි.
“ඔයාලා දකින්න ඇති අද පොළොන්නරුවේ සමගි ජන බලවේගයේ රැලියකදී ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක් සමගි ජන බලවේගයට ගියා කියනවා. මේක අද රූපවාහිනියේ ලොකු ප්රවෘත්තියක් මවනවා. සමගි ජන බලවේගයේ නායකයෝ හැමෝම එයාව සතුටින් වැළඳ ගත්තා. මම දන්නවා එයා කවුද කියලා. එයා පොළොන්නරුව මහ නගර සභාවේ බැඳිවැව කොට්ඨාශයට ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට නාමයෝජනා භාරදුන් හිටිහාමිලගේ සමන් කුමාර. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරයකු බව කියන්නේ කෙසේ හෝ ජනතාව අන්දවන්න.” යනුවෙන් ඔහු ප්රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart