May 26, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

යාපනයේ පිහිටි සී.වී. විග්නේෂ්වරන්ගේ පෞද්ගලික නිවසේදී ඊයේ මෙම සාකච්ඡාව සිදුව තිබේ.

උතුරේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් සහ ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක වන උපාය මාර්ග පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වූ බව වාර්තා වේ.