
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුරතලයට ඇති කරන සුනඛයා ද සමග පෞද්ගලික මගී බස් රථයකට ගොඩවූ පුද්ගලයකුට බස් රථයෙන් බසින ලෙස රියැදුරා දැනුම්දීමෙන් කෝපයට පත්වී රියැදුරාට පහරදී සුනඛයා ද රැගෙන පළාගොස් ඇතැයි ඇල්පිටිය මූලස්ථාන පොලිසිය සදහන් කරයි.
පහරකෑමට ලක් වූ රියැදුරා මේ බව පොලිසියට පැමිණිලි කර ඇත.
ඇල්පිටිය, අම්බලන්ගොඩ මාර්ගයේ අම්බලන්ගොඩ දෙසට පෙරේදා (22) සවස ධාවනය වූ මෙම පෞද්ගලික බස් රථයට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පිවිසුම අසලදී මගියකු අත දමා බස් රථය නතර කරගෙන ඇත.
මෙම පුද්ගලයා සුනඛයකු සමග බස් රථයට ගොඩවීම නිසා මගීන්ගේ ආරක්ෂාව පතා ඊට ඉඩදිය නොහැකි බව පවසා බස් රථයෙන් බසින ලෙස රියැදුරා දැනුම් දුන් අවස්ථාවේ ඔහු රියැදුරාට පහරදී ඇතැයි පොලිසිය කියයි.
පහරදීම සිදුකළ පුද්ගලයා කවුරුන්ද යන්න ගැන තවම තොරතුරු හෙළිවී නොමැති බවද පොලිසිය පැවැසීය.
ඇල්පිටිය මූලස්ථාන පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart