
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ ගස් 20ක් පමණ කඩා වැටී තිබේ.
කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් බද්රානි ජයවර්ධන පවසන්නේ තද සුළං හේතුවෙන් කඩා වැටුණු මෙම ගස් වීදිවල සහ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටා තිබූ බවයි.
පසුගිය දින කිහිපය තුළ මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් මාර්ගයේ එක් ගසක් කඩා වැටී තිබුණ ද සවස් වන විට එය ඉවත්කර ඇති අතර සිරිමාවෝ බණ්ඩාරනායක මාවත අසල එක් ගසක් සහ බොරැල්ල කනත්ත අසල එක් ගසක් සහ උද්‍යානය තුළ ගස් කිහිපයක් වශයෙන් පසුගිය දින කිහිපය තුළ කඩා වැටී තිබිණි.
ගිනි නිවන හමුදාව සහ අනෙකුත් කණ්ඩායම් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සීරුවෙන් තබා ඇති බවත් කඩා වැටී ඇති ගස් කඩිනමින් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරන බවත් ඇය පැවසුවාය.
උද්භිද විද්‍යා විශේෂඥයන් විසින් අනතුරුදායක බව සොයාගෙන ඇති ගස්වල අතු ඉවත් කිරීමට හෝ කපා දැමීමට තීරණය කර ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
කොළඹ නගරයේ ගස් සම්බන්ධයෙන් කොළඹ නගර සභාව කටයුතු කර ඇති අතර එහිදී අනාරක්ෂිත ගස් 200ක් පමණ ඇති බව සොයා ගෙන ඇත.
ඒවායින් සමහරක් යටත් විජිත සමයේදී රෝපණය කළ බව කියනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart