
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තීරණාත්මක ඛනිජ සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා ගෝලීය සන්ධාන ඇති කර ගැනීමේ සැලැස්ම ඉදිරියට ගෙන යමින්, මෙරට මිනිරන් පතල් කොටසක් අත්පත් කරගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඉන්දියාවේ The Economic Times පුවත් සේවය වාර්තා කරයි.
තීරණාත්මක ඛනිජ සඳහා හවුල්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් යෝජනාවක් ලැබී ඇති බව ද එම පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දියාවට මිනිරන් ඉතා වැදගත් වන්නේ එම ඛනිජය බැටරි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බැවිනි.
මිනිරන් පතලක් සුරක්ෂිත කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයකින් කටයුතු සිදුවෙමින් පවතින බව ද The Economic Times වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ මිනිරන් 98%කට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් සහිත ලොව පිරිසිදුම මිනිරන් ලෙස සැළකේ.
ඉන්දියාව අනෙකුත් වැදගත් ඛනිජ ලවණ ලබාගැනීම සඳහා වෙනත් රටවල් සමඟ ද සාකච්ඡා කර ඇත.
කොබෝල්ට් සහ තඹ සඳහා කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය සමඟත්, නයෝබියම් සහ මිනිරන් සඳහා ටැන්සානියාව සමඟත්, ග්‍රැෆයිට් සහ ටයිටේනියම් සඳහා දකුණු අප්‍රිකාව සමඟත් ඉන්දියාව ගිවිසුම් අත්සන් කර ඇති බව The Economic Times වැඩිදුරටත් වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart