May 23, 2024

කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන අද ප්‍රකාශ කළේය.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ විසින් ඉදිරිපත් කළ බව කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියාසිටියේය.

ඒ අනුව කොළඹ සහ මහනුවර ජාතික රෝහල් දෙකට අමතරව ශ්‍රී ලංකාවේ තුන්වැනි ජාතික රෝහල කරාපිටිය බව ඇමැති ගුණවර්ධන පැවැසීය.