
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වහාම ක්රියාත්මක වන පරිදි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය තහනම් කරන බව ලංකා ප්රිමියර් ලීග් (LPL) සංවිධායකයන් නිවේදනය කරයි.
ඉහත තීරණය ගෙන ඇත්තේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන ඉම්පීරියල් ස්පෝර්ට්ස් සමූහයේ ප්රධාන විධායක නිලධාරී ටමිම් රහ්මාන් මුහුණ දෙන නීතිමය ගැටලු සම්බන්ධයෙන් සළකා බැලීමෙන් පසුවය.
ටමිම් රහ්මාන්ට එරෙහිව තරග පාවාදීමේ චෝදනා එල්ලවී ඇති අතර, ඊයේ කටුනායක ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
ඒ අනුව, මෙවර LPL තරගාවලියේදී දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතිය වෙනත් පාර්ශ්වයකට පවරාදීමේ හැකියාව සංවිධායකයන් විසින් සළකා බලමින් සිටින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart