
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැදපෙරදිග සාමය වෙනුවෙන් පලස්තීනය ‘රාජ්‍යයක්’ ලෙස නිල වශයෙන් පිළිගන්නා බව නෝර්වේ, අයර්ලන්තය සහ ස්පාඤ්ඤයේ නායකයෝ පවසති.
නෝර්වේ අගමැති ජොනස් ගාර් ස්ටෝර් අද ප්‍රකාශ කළේ රාජ්‍යන් දෙකක් ලෙස පිළිගැනීම ඊශ්‍රායලයේ යහපතට හේතුවන බවත්, මෙම පිළිගැනීම මැයි 28 වන විට ලැබෙනු ඇති බවත්ය.
මේ සඳහා පිළිගැනීමක් නොමැති නම් මැදපෙරදිග සාමය ඇති කළ නොහැකි බවද ඔහු පැවසීය.
නෝර්වේ නිවේදනයෙන් ටික වේලාවකට පසු අයර්ලන්ත අගමැති සයිමන් හැරිස් කියා සිටියේ තම රට ද පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවයි.
“අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය අපි පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව අද නිවේදනය කරනවා” යැයි හැරිස් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
“ඉදිරි සතිවලදී මෙම වැදගත් පියවර ගැනීමට තවත් රටවල් අප හා එක්වනු ඇතැයි මට විශ්වාසයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
ස්පාඤ්ඤයේ අගමැති පේද්රෝ සැන්චෙස් ප්‍රකාශ කළේ රටේ ඇමැති මණ්ඩලය ද මැයි 28 දා පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවයි.
මේ අතර ඊශ්‍රායල විදේශ ඇමැති ඊශ්‍රායල් කැට්ස් අයර්ලන්තයේ සහ නෝර්වේ හි ඊශ්‍රායල තානාපතිවරුන්ට වහාම ඊශ්‍රායලයට පැමිණෙන ලෙස නියෝග කර තිබේ.
“අයර්ලන්තය සහ නෝර්වේ අද පලස්තීනුවන්ට සහ මුළු ලෝකයටම පණිවිඩයක් යැවීමට අදහස් කර තිබෙනවා: ත්රස්තවාදයට ගෙවන්නට සිදුවෙයි,” යනුවෙන් කැට්ස් පැවසීය.
ඊශ්‍රායලය පවසා ඇත්තේ යුරෝපීය ජාතීන්ගෙන් පිළිගැනීම ‘අන්තවාදයට සහ අස්ථාවරත්වයට ඉන්ධන’ වන අතර ඔවුන් ‘හමාස්ගේ අතකොළුවක්’ බවට පත් කරනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart