
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ අමෙරිකාව අතර තරග තුනකින් සමන්විත T 20 තරගාවලියේ පළමු තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට අමෙරිකාව සමත්ව තිබේ.
අමෙරිකාවේ Prairie View හි පැවති එම තරගය අමෙරිකානු කණ්ඩායම ජයගනු ලැබුවේ කඩුලු 5කිනි.
තරගයේ කාසිය වාසිය දිනාගත් අමෙරිකාව තරගයේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශ කණ්ඩායමට පිරිනැමීය.
ඒ අනුව, තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 153ක් රැස් කළේය.
එහිදී තව්හිද් රිඩොයි ලකුණු 58ක් රැස් කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකාව, පන්දු වාර19යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී ලකුණු 156ක් ලබාගනිමින් තරගය ජයගත්තේය.
අමෙරිකාව වෙනුවෙන් හාර්මීට් සිං පන්දු 13කදී නොදැවී ලකුණු 33ක් රැස් කළ අතර ඔහු ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකි.
නවසීලන්තයේ හිටපු ක්‍රීඩක කෝරි ඇන්ඩර්සන් ද නොදැවී ලකුණු 34ක් ලබාගත්තේය.
T 20 කණ්ඩායම් අතුරින් ICC ශ්‍රේණිගත කිරීමේ සටහන අනුව බංග්ලාදේශ කණ්ඩායම 09 වැනි ස්ථානයේ රැඳී සිටින අතර අමෙරිකාවට හිමිව ඇත්තේ 19 වැනි ස්ථානය නිසා මෙම තරගය කැපී පෙනේ.
තරගයේ වීරයා වූයේ හාර්මීට් සිං.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart