
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 851ක් සමඟ පිලිපීන ජාතික කාන්තාවක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉතියෝපියාවේ අඩිස් අබාබා සිට කටාර් රාජ්‍යයේ දෝහා හරහා මෙරටට පැමිණි පිලිපීන ජාතික කාන්තාව ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොකේන් අඩංගු පාර්සල් තුන ඇයගේ ගමන් මල්ලේ සඟවා තිබියදී තවත් මිරිස් කුඩු, කහ කුඩු සහ තිරිඟු පිටි පාර්සල් තුනක් සමඟ සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අත්අඩංගුවට ගත් මගියා පිලිපීනයේ පදිංචි සහකාර ගණකාධිකාරීවරියක ලෙස සේවය කරන 47 හැවිරිදි අයකු බවද අනාවරණ වී තිබේ.
සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිකරගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් ඇති මිතුරියකගේ මාර්ගයෙන් තමා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට උත්සාහ කළ බවයි.
මත්ද්‍රව්‍ය රැගෙන ඒම වෙනුවෙන් ඇයට ඩොලර් 1000ක මුදල්, ගමන් බිමන් යෑමට අවශ්‍ය ගුවන් ටිකට්පත් සහ දින 05ක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට හෝටල් පහසුකම් ලබාදීමට ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොරොන්දු වී ඇති බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණ වී තිබේ.
මෙම කාන්තාව මීට පෙර කුළුබඩු සහිත පාර්සල් අතර සඟවා තිබූ කොකේන් පාර්සල් මැලේසියාවට සහ ඉන්දියාවට රැගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.
රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ලද විදෙස් බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart