
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ සහ වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන අය කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන එම නියෝගය නිකුත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ඇමැති විජේදාස රාජපක්ෂ සහ වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්සම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරන ලදී.
ඒ අනුව, එදිනම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පෙත්සම සංශෝධනයට ලක්කර නැවත ඉදිරිපත් කරනු ලැබු අතර, ඒ සම්බන්ධයෙන් පාර්ශවකරුවන් දැනුවත් කර නොමැති බවට විත්තිය විරෝධය දැක්වීම හමුවේ පෙත්සම අද කැදවීමට නියෝග කෙරිණි.
අදාළ සංශෝධිත පෙත්සම සළකා බලා කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart