May 20, 2024

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයාට පහරදීමක් සිදුව තිබේ.

පහරදීම සිදුකර ඇති බව පැවැසෙන්නේ කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදීය.

පහරදීම සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයා අද 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොම්පඤ්ඤවීදියේ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.