May 19, 2024

කොළඹ වරාය නගරයේ (පොර්ට් සිටි) ගින්නක් හටගෙන තිබේ.

ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැත.

එළඹෙන ජුනි මාසයේ විවෘත කිරීමට නියමිත වරාය නගරයේ ඉදිකර තිබෙන තීරු බදු රහිත චීන සාප්පු සංකීර්ණය පිහිටා ඇත්තේ ද ඒ සමීපයේය.