
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද්ධයෙන් මියගිය අය සැමරීම සම්බන්ධයෙන් නැඟෙනහිර පළාතේ දෙමළ ජාතිකයන් 4 දෙනකු පසුගියදා අත්අඩංගුවට ගැනීමත් සමඟ කැනඩාවේ සිටින ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමේදී අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් 240,000ක් පමණ කැනඩාවේ වාසය කරන අතර, යුද සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම්වලට එරෙහිව ඔවුන් බලපෑම් කරයි.
නැඟෙනහිර පළාතේ අලුත්ම සිදුවීම කැනඩාවේදී දෙමළ අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් මතුකර ඇති අතර ශ්‍රී ලංකා රජයේ බලධාරීහු ඒවා ප්‍රතික්ෂේප කිරීමට පවා නොහැකිව දැඩි අර්බුදකාරී තත්ත්වයක පසුවන බව තතුදත් මූලාශ්‍රයක් පැවසීය.
ඊට අමතරව ශ්‍රී ලංකාව විජයග්‍රහණය සමරන විට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ශ්‍රී ලංකාවට එරෙහි ජන සංහාර චෝදනා අලුත් කරයිද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් සිටී.
ශ්‍රී ලංකාව සිවිල් යුද්ධය අවසන් කළේ 2009 මැයි 18 වැනිදාය.
කෙසේවෙතත්, කැනඩාවේ පාර්ලිමේන්තුව 2022 මැයි 18 වනදා දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය ලෙස පිළිගැනීමට ඡන්දය දී ඇතත්, කැනඩාවේ ෆෙඩරල් රජය ශ්‍රී ලංකාවේ යුද්ධය අතරතුර සිදු වූ දේ ජන සංහාරයකට සමාන නොවන බව තහවුරු කර ඇති අතර එය ගැඹුරු සහ පුළුල් නීතිමය අර්ථයක් සහිත සංකල්පයකි.
පසුගිය වසරේ කැනේඩියානු අගමැතිවරයා එම චෝදනා එල්ල කරන විට ශ්‍රී ලංකා රජය ඊට දැඩි විරෝධය පළ කළේය.
විදේශ ඇමැති අලි සබ්රි කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් යළි කැඳවා ප්‍රකාශ කළේ ටෘඩෝගේ “දේශපාලනික අභිප්‍රේරිත ප්‍රකාශය භේදකාරී සහ දේශීය දේශපාලන අවශ්‍යතාව සඳහා සිදුකරන ලද” බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart