
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා පත්කර තිබේ.
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් ක්‍රිඩා පනතේ බලතල ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකර ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව පනත ප්‍රකාරව ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියතට පත් ඕනෑම තැනැත්තකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම ඔහුගේ රාජකාරී අතරට අයත් කාර්යක් වනු ඇත.
එහි නිර්දේශ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් හරහා ක්‍රීඩා ඇමැතිවරයා වෙත දින 14ක කාලයක් තුළ ලබා දීමට ද ඔම්බුඩ්ස්මන්වරයා පැවරි ඇති රාජකාරි අතර වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart