
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පාසල්වල අනධ්‍යයන තනතුරු සඳහා මීට පෙර පත්කළ ක්‍රීඩා පුහුණුකරුවන් ගුරු සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
“සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව ක්‍රීඩා ගුරුවරුන් තෝරාගනු ලබන්නේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින්. මීට පෙර, ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස සේවය කිරීම සඳහා පුද්ගලයින් 3,000 ක් පමණ බඳවා ගත්තා. කෙසේවෙතත්, ඔවුන් ගුරු භූමිකාවේ තැබීමට වඩා, අනධ්‍යයන කාර්ය මණ්ඩල තනතුරුවලට අනුයුක්ත කරනු ලැබුවා. මෙම පුද්ගලයන් ගුරු සේවය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්නම් ඒ අනුව ඔවුන් ගුරු තනතුරුවලට පත් කිරීමට සුදුසු පියවර ගන්නවා.” අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සහතික වී තිබේ.
තවද, ඉංග්‍රීසි භාෂා ගුරුවරුන් බඳවා ගැනීමේ ගැටළු සම්බන්ධයෙන් ද අධ්‍යාපන ඇමැතිවරයා අදහස් පළකළේය.
“2021 වසරේ ඩිප්ලෝමාධාරීන් 500ක් (ඉංග්‍රීසි) ගුරුවරුන් ලෙස බඳවාගැනීම සඳහා පැවති විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව දැන් පත්වීම් අවසන් කර තිබෙනවා. ජාතික පාසල් සඳහා තනතුරු 100ක් සහ ග්‍රාමීය පාසල් සඳහා තනතුරු 400ක් සඳහා දැනට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. ප්රශ්නය වන්නේ අපි (ඉගැන්වීම් විභාග සඳහා) ප්‍රශ්න පත්‍රවල ප්‍රමිතිය ද රැකිය යුතු වීමයි. කෙසේවෙතත්, ගුරු හිඟය පිළිබඳ ප්රශ්නය තවමත් තිබෙනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart