
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මීගමුවේ විදේශ රැකියා ඒජන්සියක් මහජනතාවගෙන් විශාල මුදලක් වංචා කර ඇති බව සොයාගෙන තිබේ.
විදේශ රැකියා නියෝජිතායතනය විසින් රැකියා බලපත්‍ර අවලංගු කර ඇති බව අයදුම්කරුවන්ට දැනුම් දීමත් සමඟ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගෙන තිබිණි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපතට පත් පුද්ගලයන් කියා සිටියේ රුමේනියාවේ රැකියා සුරක්ෂිත කිරීමේ බලාපොරොත්තුවෙන් තමන් රුපියල් 800,000 සිට මිලියනය අතර මුදලක් නියෝජිතායතනයට ගෙවා ඇති බවයි.
මේ වන විට මුදල් ගෙවා ඇති අයදුම්කරුවන් 120කට අධික සංඛ්‍යාවක් සිටින බවත් ඉරිදා ඒජන්සියේ රැස්වීමක් සඳහා කැඳවීමෙන් පසු ඔවුන්ගේ රැකියා බලපත්‍ර අවලංගු කර ඇති බව දැනුම් දුන් බවත් එම අයදුම්කරුවන් ප්‍රකාශකර තිබේ.
විපතටපත් වූවන් වැඩිදුරටත් කියා සිටියේ රැකියා පිරිනැමීමේ ලිපි සහ රැකියා බලපත්‍ර ලැබී ඇති නිසා අදාළ රැකියා සම්බන්ධ සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දීමට සූදානම්ව සිටින අවස්ථාවක ඒජන්සිය මේ බව දැනුම් දුන් බවයි.
අධිකරණයේ නඩුවක් පවරා පමණක් තම මුදල් ආපසු ලබාගත හැකි බවට ඔවුන් දන්වා ඇති බව වින්දිතයන් කිහිප දෙනෙකු අනාවරණ කර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart