
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික තරග සඳහා සහභාගී වන මෙරට සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන ක්‍රීඩක ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව A1, A2, B2, C1, C2, සහ ‘A’ කණ්ඩායම් වශයෙන් කාණ්ඩ හයක් යටතේ ක්‍රීඩකයන් 41 දෙනෙකුට නව ගිවිසුම් පිරිනැමීමට නියමිතය.
නවතම ඉහළ නැංවීම යටතේ ටෙස්ට් ආකෘතිය සඳහා තරඟ ගාස්තු සියයට 100කින් වැඩි කර ඇති අතර කුසලතා පදනම මත ගෙවීම් කරනු ඇත.
ටෙස්ට් තරගයක් සඳහා විවිධ ගෙවීම් ව්‍යුහයන් ඇත.
ඒ, තරග ජයකදී, ජය පරාජයෙන් තොරව අවසන්වීමකදී සහ පරාජයකදී වශයෙනි.
මේ අතර එක්දින සහ T20 තරග ආකෘති දෙකෙහිම තරග ගාස්තු සියයට 25කින් ඉහළ දමා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට පත්වන ක්‍රීඩකයන් ඇගයීමට ද තීරණය කර තිබේ.
ඒ අනුව, ක්‍රීඩකයකු ICC ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව, සියලු ආකෘති ආවරණය වන පරිදි ‘හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, හෝ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත් වුවහොත් ඔහුට මූල්‍යමය වශයෙන් ත්‍යාග ලැබෙනු ඇත.
මේ අතර ICC ශ්‍රේණිගත කිරීම්වල ඉහත කී කාණ්ඩවල 10 වැනි සහ 2 වැනි ස්ථාන අතර ශ්‍රේණිගත කිරීමකට ක්‍රීඩකයකු පැමිණියහොත් එවැනි ක්‍රීඩකයන්ට ද මූල්‍යමය වශයෙන් ත්‍යාග ලැබෙනු ඇත.
මීට අමතරව, ජාතික කණ්ඩායමේ ක්‍රියාකාරකම්වලදී වඩා හොඳ සහයෝගයක් ලබාදීම සඳහා ගිවිසුම්ගත සියලුම ක්‍රීඩකයන් සඳහා දෛනික දීමනා වැඩි දියුණු කර ඇත.
නව ගිවිසුම් හිමිවන ක්‍රීඩකයන් වන්නේ
දිමුත් කරුණාරත්න
දිනේෂ් චන්දිමාල්
වනිඳු හසරංග
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
පැතුම් නිස්සංක
දසුන් ශානක
ප්‍රභාත් ජයසූරිය
මහීෂ් තීක්ෂණ
කසුන් රාජිත
දුෂ්මන්ත චමීර
දිල්ෂාන් මදුශංක
අසිත ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
රමේෂ් මෙන්ඩිස්
කමිදු මෙන්ඩිස්
චාමික කරුණාරත්න
දුනිත් වෙල්ලාලගේ
ලහිරු කුමාර
නිශාන් මදුෂ්ක
මතීෂ පතිරණ
කුසල් ජනිත් පෙරේරා
විශ්ව ප්‍රනාන්දු
ජෙෆ්රි වැන්ඩෙසේ
ප්‍රමෝද් මදුශංක
ජනිත් ලියනගේ
අකිල ධනංජය
ප්‍රවීන් ජයවික්‍රම
නුවන් තුෂාර
සහන් ආරච්චිගේ
නුවණිදු ප්‍රනාන්දු
දුෂාන් හේමන්ත
ලසිත් ඇඹුල්දෙනිය
බිනුර ප්‍රනාන්දු
ෂෙවොන් ඩැනියල්
නිරෝෂන් දික්වැල්ල
අශේන් බණ්ඩාර
ඕෂධ ප්‍රනාන්දු
අවිශ්ක ප්‍රනාන්දු
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart