
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය පෙම්වතියගේ නිවසට ගොස් සිටියදී මීට දින කිහිපයකට පෙර අතුරුදන් වූ කුලියාපිටිය ප්‍රදේශයේ තරුණගේ මළ සිරුර මාදම්පේ පනිරෙන්දාව ප්‍රදේශයේ තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ, එම ප්‍රදේශයේ කැලෑවක තිබී මළ සිරුර සොයාගත් බවයි.
පසුගිය අප්‍රේල් 22 වැනිදා කුලියාපිටිය ඉලුක්හේන ප්‍රදේශයේදී තරුණයා අතුරුදන්ව ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
කුලියාපිටිය – කබල්ලෑව ප්‍රදේශයේ පදිංචි සුසිත ජයවංශ අවසන් වරට පෙම්වතියගේ නිවසට පැමිණ ඇත්තේ ඇගේ පියාගේ දුරකථන ඇමතුමකට අනුවයි.
මෙම තරුණයාට පහරදී ඇත්තේ ඔහුගේ පෙම්වතියගේ පියා සහ පෙදරේරුවන් ලෙස හඳුන්වන තවත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් බව පසුව අනාවරණ වූ බව පොලිසිය පවසයි.
ඒ අනුව අදාළ තරුණයා එම ප්‍රදේශයේ පදිංචි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුගේ නිවසට රැගෙන යන ලෙස දැරියගේ පියා උපදෙස් දුන් බව අත්අඩංගුවට ගත් පෙදරේරුකරුවන් දෙදෙනා පසුව පොලිසියට පාපොච්චාරණය කර තිබිණි.
සිද්ධියෙන් පසු ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ, අතුරුදන් වූ තරුණයාගේ පෙම්වතිය, ප්‍රධාන සැකකරුගේ පුතුන් දෙදෙනා මෙන්ම ප්‍රධාන සැකකරුගේ සහෝදරිය සහ ඇයගේ සැමියාද නිවෙස් අතහැර ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා විය.
නියෝජ්‍ය පොලිස්පති තල්දූව පැවසුවේ, තරුණයා අතුරුදන්වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ අධිකරණයට භාර වූ බවයි.
තරුණයා ඝාතනය කළ ආකාරය සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ පරීක්ෂණ පවත්වන බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart