
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා අමෙරිකා එක්සත් ජනපදයට යාමට පෙර ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සත්කාරකත්වය ලබා දී තිබේ.
මෙම අවස්ථාව දෙරට අතර ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා වැදගත් අවස්ථාවක් වනු ඇති බව සදහන් කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් X පණිවිඩයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2024 මැයි 14 වැනිදා එක්සත් ජනපදය බලා පිටත්ව යෑමට නියමිතව ඇත.
ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන අතර, පළමු අදියර 2024 ජුනි 01 වැනිදා එක්සත් ජනපදයේ දී ආරම්භ වේ.
මෙය එක්සත් ජනපදයේ පැවැත්වෙන පළමු ICC ඉසව්ව වන අතර, Nassau County International Stadium, Grand Prairie Cricket Stadium, Broward County Stadium යන ස්ථානයන්හිදී තරග පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද වාර්තා වේ.
එසේම, ඉසව්වේ සම සත්කාරකත්වය දරන බටහිර ඉන්දීය කොදෙව් පිළට ඇන්ටිගුවා සහ බාබුඩා, බාබඩෝස්, ගයානා, ශාන්ත ලුසියා, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් සහ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ වැනි ප්‍රසිද්ධ ස්ථානවල තරග පැවැත්වේ.
දින 28ක් පුරා පැවැත්වෙන තරගාවලියේදී කණ්ඩායම් 20ක් තරඟ 55කට සහභාගී වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart