
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුුදුසුකම් ලබාගැනීමට සමත්වෙයි.
ඒ, සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කරමිනි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 06ට ලකුණු 149ක් රැස්කළ අතර විශ්මි ගුණරත්නට ලකුණු 45ක් රැස් කර ගැනීමට හැකිවිය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවි රැස් කරගැනිමට හැකිවූයේ ලකුණු 134ක් පමණි.
එමෙන්ම,පළමු අවසන් පුර්ව වටයේදී අයර්ලන්තය කාන්තා කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත් කළ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පළමු වරට පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමද විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart