
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂයෙන් ටෙස්ට් ආකෘතිය තුළ ක්‍රීඩකයින්ගේ තරඟ ගාස්තු සැළකිව යුතු ලෙස වැඩිකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව, ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමේදී ක්‍රීඩකයකුට ගෙවන ගාස්තුව ඩොලර් 15,000 දක්වා වැඩිකර ඇති අතර, තරගයක් ජය පැරදුමින් තොරව සහ පරාජයකදී පිළිවෙලින් ඩොලර් 12,500ක් සහ 10,000ක් වශයෙන් ගෙවනු ඇත.
මෙම පියවර ක්‍රීඩකයන් දිරිමත් කිරීමට සහ ටෙස්ට් ක්‍රිකට් පුනර්ජීවනය කිරීමට අරමුණු කර ඇති බව ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන අගෝස්තු මාසයේදී එංගලන්තයට එරෙහිව තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියකට සහභාගී වන අතර, පසුව නවසීලන්තයට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලිවලට මේ වසරේ මුහුණ දීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart