
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා සහ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ, ඉන්දීය ක්‍රීඩක MS දෝනි තම ක්‍රිකට් දිවියේ පියකු ලෙස හඳුන්වා තිබේ.
චෙන්නායි සුපර් කිංග්ස් නායක දෝනිගේ කුඩා උපදෙස් තමාට විශාල විශ්වාසයක් ලබාදුන් බව මතිෂ පවසයි.
21 හැවිරිදි වේග පන්දු යවන්නා 2022 දී ඔහුගේ IPL මංගල තරගාවලියට එක්වූ අතර, එතැන් සිට CSK හි වේග පන්දු බලඇණියේ වැදගත් සාමාජිකයෙක් බවට පත්ව සිටි.
“මගේ පියාට පසුව, මගේ ක්‍රිකට් ජීවිතයේ, ඔහු (දෝනි) වැඩිපුරම නිරුපනය කරන්නේ මගේ පියාගේ චරිතයයි. ඔහු සෑම විටම මා ගැන සැලකිලිමත් වෙනවා. මා කළ යුතු දේ පිළිබඳව මට උපදෙස් ලබාදෙනවා” යැයි පතිරණ යූ ටියුබ් හි CSK Lions up Close වැඩසටහනේදී සඳහන් කළේය.
“මම හිතන්නේ ඒක ඇති. මම පිටියේ සහ පිටියෙන් පිටත සිටින විට ඔහු ගොඩක් දේවල් කියන්නේ නැහැ. ඔහු මට කුඩා දේවල් කියනවා. නමුත් එය විශාල වෙනසක් කරනවා. එය මට විශාල විශ්වාසයක් ඇති කරනවා. ක්‍රීඩකයින් පිටියෙන් බැහැරව බලාගන්නේ කොහොමද කියලා ඔහු දන්නවා. මට ඔහුගෙන් යමක් ඇසීමට සිදුවුවහොත් අනිවාර්යයෙන්ම මම ඔහු වෙත ගොස් එය අහනවා.” යැයි පතිරණ වැඩිදුරටත් පවසයි.
මතිෂ පතිරණ මේ වන විට විශිෂ්ට IPL 2024 තරගාවලියකට එක්ව සිටින අතර, Mustafizur Rahman (14) ට පසුව කණ්ඩායමේ දෙවැනි වැඩිම කඩුලුලාභියා බවට පත්වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart