
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) 2024 එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන පිරිමි T20 ලෝක කුසලානයේ පළමු වටය සඳහා තරඟ නිලධාරීන් 26 දෙනකු ප්‍රකාශයට පත්කර තිබේ.
තරග විනිසුරුවන් 20 දෙනකු සහ තරඟ තීරකවරුන් හයදෙනකු විසින් මෙවර තරගාවලිය මෙහෙයවනු ලබන අතර, තරගාවලියේ කණ්ඩායම් 20ක් තරඟ 55ක් දින 28 ක් පුරා ක්‍රීඩා කරනු ඇත.
පළපුරුදු විනිසුරු කණ්ඩායමට වාර්ෂික ICC සම්මාන උලෙළේදී වසරේ ICC විනිසුරුවරයා සඳහා වන David Shepherd කුසලානය 2023 දී දිනාගත් ජයග්‍රාහකයා වන Richard Illingworth මෙන්ම, 2022 අවසන් මහා තරගය සඳහා පත්කරනු ලැබූ කුමාර් ධර්මසේන, Chris Gaffaney සහ Paul Reiffel ඇතුළත් වේ.
ජයරාමන් මදනගෝපාල්, සෑම් නොගජ්ස්කි, අල්ලාඋඩියන් පැලේකර්, රෂීඩ් රියාස් සහ අසීෆ් යාකූබ් යන විනිසුරෝ මෙවර ඔවුන්ගේ මංගල T20 ලෝක කුසලානයට එක්වීමට සුදානමින් සිටිති.
මේ අතර 2022 අවසන් මහා තරගය අධීක්‍ෂණය කළ රන්ජන් මඩුගල්ල මෙවර නැවතත් ලෝක කුසලාන තීරකවරුන්ගේ සංචිතයට පැමිණ සිටියි.
තරග තීරකවරු :
ඩේවිඩ් බූන්, ජෙෆ් ක්‍රෝව්, රන්ජන් මඩුගල්ල, ඇන්ඩෲ පයික්‍රොෆ්ට්, රිචී රිචඩ්සන් සහ ජවගල් ශ්‍රීනාත්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart