
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 4*100 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ රීදි පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
තත්ත්පර 39.81කින් තරගය නිමකරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ස්ථානය දිනා ගනිද්දි එහි රන් පදක්කම හොං කොං කණ්ඩායම සතුවුණේ තත්ත්පර 39.67කින් තරග නිම කාලයක් සමගිනි.
එමෙන්ම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 4*400 කාන්තා සහාය දිවීමේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත.
ඒ මිනිත්තු 3යි තත්පර 46 දශම 20ක කාලයක් වාර්තා කරමිනි.
මීටර 4*400 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ ලෝක පදක්කම ද ශ්‍රී ලංකාව හිමි කරගත්තේ විනාඩි 03යි තත්ත්පර 09යි දශම 48ක් වාර්තා කරමිනි.
400×4 මිශ්‍ර ඉසව්වෙන්ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිවිය.
වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදි පළමු පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේ කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් නෙත්මිකා මදුශානී හේරත් විසින් වන අතර එහිදී මීටර් 13යි දශම 01ක දුරක් වාර්තා කළ ඇය රීදි පදක්කමක් ජය ගත්තේය.
ඒ අනුව මේ වන විට ඩුබායිහි පැවැත්වෙන අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දි ශ්‍රී ලංකාවට පදක්කම් 05ක් හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart