
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රජය ඊජිප්තුවෙන් ලොකු ළූණු ආනයනය කිරීමේ අපේක්ෂාව සක්‍රීයව සලකා බලමින් සිටින අතර, ඉහළ යන වෙළඳපල මිල ගණන්වලට මුහුණදීම සහ ගුණාත්මක නිෂ්පාදන සඳහා පාරිභෝගික ඉල්ලුම සපුරාලීම අරමුණු කර ගෙන ඇත.
ඊයේ (26) වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී ඊජිප්තු තානාපතිවරයා ඊජිප්තුවෙන් ළූණු ආනයනය සඳහා පහසුකම් සැලසීමට දැඩි උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකාවට දැනුම්දී ඇත.
ලොකු ළූණු වෙළෙඳපොළේ සැළකිව යුතු මිල ඉහළ යෑම් හේතුවෙන් පාරිභෝගික කණස්සල්ල පසුගිය මාස කිහිපය තුළ උත්සන්න විය.
වෙළඳපොළ මෙම ගැටලුව වැඩිවීමට හේතු වී ඇත්තේ ඉන්දියාව සහ පාකිස්ථානය විසින් පනවා ඇති අපනයන සීමාකිරීම් හේතුවෙන් ළූණු සැපයුම් දාමයට එල්ලවූ බාධාවන්ය.
මෙම සීමිත සැපයුම්වල ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාව චීනයෙන් ලොකු ළූණු ආනයනය කිරීමට යොමුවිය.
කෙසේවෙතත්, පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලට අනුව, චීන ළූණුවලට ප්‍රමිතියෙන් තොර බව හෙළිවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart