
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලදී කළ සේවය අගයමින් උමා ඔය ජලවිදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා කම්කරුවන් දෙදෙනකුගේ නමින් නම්කර ඇත.
ඒ ‘දසුනි’ සහ ‘චුලෝචනා’ ලෙසයි.
“චුලෝචනා” යන්න සුලෝචනා යන නාමයේ ඉරාන උච්චාරණයයි.
ඉදිකිරීම් කටයුතුවල යෙදීසිටින ඉංජිනේරුවන් සහ කම්කරුවන් සඳහා පාන වර්ග සහ අනෙකුත් වැඩ සහාය ලබා දී එම කාන්තාවන් දෙදෙනා කළ සේවය වෙනුවෙන් ඔවුන් එලෙස ඇගයීමට ලක්කර තිබේ.
ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ උමා ඔය ජලවිදුලි සංකීර්ණයේ සවිකර ඇති මෙම කාන්තාවන් දෙදෙනාගේ නමින් නම්කර ඇති ටර්බයින දෙකෙන් මෙගාවොට් 120 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරීමට නියමිතයි.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට සංචාරයක නිරත ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසිගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි.
මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසුව උමා ඔය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම වාරි ව්‍යාපෘතියක් වේ.
එහි මූලික අරමුණ උමා ඔය ද්‍රෝණියේ වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145ක අතිරික්ත ජලය, කිරිඳි ඔය ද්‍රෝණියට හරවා යැවීමෙන් රටේ ගිනිකොන දිග වියළි කලාපයේ ජල හිඟය මඟහරවා ගැනීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart