April 24, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර තවත් සාකච්ඡා වටයක් පැවත්වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.

බැසිල් රාජපක්ෂ සහ ජනාධිපතිවරයා මීට පෙර රැස්වීම් තුනක් පැවැත්වූ අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබිණි.