April 23, 2024

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් 2024 තරඟාවලිය අතරතුර ඛේදජනක අනතුරක් සිදු වූ පසුවත් බණ්ඩාරවෙල පවත්වා ඇති ආන්දෝලනාත්මක DJ සාදයට යුද හමුදාවේ සම්බන්ධ නොමැති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

යුද හමුදාව පවසන්නේ fox hill journey නමින් එම DJ සාදය පවත්වා ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ බවයි.

එම DJ සාදය දේශීය හෝටලයක් විසින් සංවිධාන කර ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදාවට හෝ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයට කිසිදු සම්බන්ධයක් නොමැති බව යුද හමුදාව පැහැදිලි කර තිබේ.