
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ජයේ විමධ්‍යගත අයවැයෙන් මුදල් වෙන් කිරීම වසර ගණනාවක සිට පැවත එන සම්ප්රදායක් බැවින් එම මුදල් ලබා ගැනීමට පක්ෂයේ අනුමැතිය අවශ්‍ය නොවන බව මුදල් ලබාගත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.
ඔවුන් මේ බව ප්‍රකාශකර ඇත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ජයේ විමධ්‍යගත අයවැයෙන් රුපියල් මිලියන 50 බැගින් ලබාදී ඇති බවට වාර්තා පළවීමත් සමගය.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ අදාළ මන්ත්‍රීවරුන් මුදල් ලබා ගැනීමට පෙර පක්ෂයේ අනුමැතිය ලබාගෙන නොමැති අතර ඉදිරි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිත බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසන්නේ මුදල් ලැබුණු බව වාර්තා වන අය අතර ඔහුගේ නම ද ඇති බවයි.
මෙම ක්‍රියාව වසර ගණනාවක සිට පැවත එන සම්ප්රදායක් බවත්, එක් එක් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද අනාගත ව්‍යාපෘති අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අයවැයෙන් මුදල් ලබාදෙන බවත් ඔහු සඳහන් කර තිබේ.
“මේකට දේශපාලන පක්ෂවල අවසරයක් අවශ්‍ය නැහැ. සෑම මන්ත්‍රීවරයකුටම යෝජනා ඉදිරිපත් කිරීමට අයිතියක් තියෙනවා. ඒ අනුව ඔවුන්ට අරමුදල් ලැබෙනවා. මුදල් වෙන් කරන්නේ ප්‍රාදේශීය කොට්ඨාසවලට මිස පුද්ගලයන්ට නෙවෙයි,” යනුවෙන් ඔහු පෙන්වා දී තිබේ.
මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ තනිකරම ජනතාවගේ යහපත සඳහා බව පවසන කරුණාතිලක මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ මෙම මුදල් ලැබීම මත කිසිදු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු පක්ෂය මාරු නොකරන බවයි.
“කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට මේ මුදල් දෙන්නේ ජනාධිපතිතුමා එක්ක තියෙන සම්බන්ධකම් නිසා කියලා. ඒත්, මේක පිටිපස්සෙ එහෙම දෙයක් නෑ. සෑම මන්ත්‍රීවරයකුටම මෙම අරමුදල් හිමිවනවා. මීට පෙර යෝජනා ඉදිරිපත් නොකිරීම ගැන රජය අපට දොස් කිව්වා. ඒ නිසා අපි අපේ යෝජනා ඉදිරිපත් කළා,” යනුවෙන් ඔහු පැහැදිලි කර ඇත.
පසුගිය රජයන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කළද ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය වසර 5ක කාලය තුළ එවැනි ප්‍රතිපාදන වෙන් කර නැත.
එහෙත් කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් මාන්නප්පෙරුම, ආචාර්ය කවින්ද ජයවර්ධන සහ ජේ.සී අලවතුවල ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සඳහා වත්මන් රජය ප්‍රතිපාදන වෙන් කර තිබේ.
(The Daily Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart