
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය අත්හැරීමේ සූදානමක් පවතින බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව තුනක් මේ වනවිට මැතිවරණ කොමිසමට පැමිණිලි බාර දී ඇති අතර වැඩබලන සභාපතිවරුන් දෙදෙනකු වැඩබලන ලේකම්වරයකු හා නිලධාරීන් සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇතැයිද මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස තම පාර්ශවයෙන් පත්කරගත් ඇමැති විජයදාස රාජපක්ෂගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (22) බාරදුන් බව එම පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පක්ෂයේ වැඩබලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල නව වැඩබලන සභාපතිවරයාගේ නම සහ විධායක සභාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බවද එම ප්‍රකාශකයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය ඉකුත් (20) වැනිදා රැස් වූ අවස්ථාවේ ගත් තීරණයකට අනුව පෙරේදා (21) ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයකදී විධායක සභා රැස්වීමක් කැඳවා තිබිණි.
එම විධායක සභා රැස්වීමට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ද සහභාගි වී ඇති අතර එහිදී ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයට පත්කර ගනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාගේ පාර්ශවයෙන් කළ විමසීමේදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවයෙන් කරන සියලු කටයුතු අනීතික බවයි.
එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ, ඔවුන්ට දැනගන්නට තිබෙන පරිදි දැනට වාරණයට ලක්කර තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය පිළිබඳව අධිකරණ කටයුත්තේදී හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන ස්ව-කැමැත්තෙන් සභාපති ධුරයෙන් ඉවත්වන බවය.
ඉන්පසු ඔහු පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අනුශාසක ධුරයට අනිවාර්යයෙන්ම පත්වන බවද එම ප්‍රකාශකයා කීය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart