
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අනිද්දා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඉරාන ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවල දැක්වෙන්නේ, ඉරාන ජනාධිපතිවරයාගේ පාකිස්ථානයේ සංචාරයකින් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සිදුකෙරෙනු ඇති බවයි.
කෙසේවෙතත් ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරය කරන දිනය මෙතෙක් තහවුරු කර නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරීම සඳහා පැමිණෙන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉරාන ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අනිද්දා ජනතා අයිතියට පත්කිරීමට සැලසුම් කර තිබේ.
2011 වසරේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ වැඩකටයුතු ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ආරම්භ කෙරුණු අතර, පසුව මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන ද ඊට යෙදවූයේ ඉරානයට බලපෑ සම්බාධක හේතුවෙන් ය.
මේ අතර, නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද පාකිස්ථානයට පැමිණෙයි.
ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් මීට පෙර විවිධ වාර්තා පළවුවද, පාකිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සංචාරය පිළිබඳ තොරතුරු තහවුරු කර ඇත.
ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් බටහිර රටවල් ශ්‍රී ලංකාවට දැඩි විරෝධයක් එල්ලකර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart