April 22, 2024

මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වූ සිද්ධියක් සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානයට යොමුකර ඇත.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින්.

අදාළ සිද්ධියට අදාළ වීඩියෝවක් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය X ගිණුමේ දක්වා තිබේ.

ඔහු සිය සටහනෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තම හිතවතුන් (ජනාධිපතිවරයාගේ) මර්ධනය නොකරන ලෙසයි.

“ජ්‍යෙෂ්ඨ උප සභාපති සෙල්ලමුත්තු සහ ඔහුගේ පුතුන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසයේ නොහික්මුණු මැරයන් අද මහනුවරදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාරට, පුස්සැල්ලාවේදී පහර දීමට උත්සාහ කර, අසභ්‍ය වචන පවසමින්, තර්ජන එල්ල කළහ” යනුවෙන් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සිය X ගිණුමේ පළ කර තිබේ.