
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම සාර්ථක ලකුණු හඹායෑමේ වාර්තාව සම කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් විය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 02ක තියුණු ජයක් වාර්තා කරමින් එම වාර්තාව සමකර ඇත්තේ ඔවුන් ලබා දුන් ලකුණු 224ක ඉලක්කය සපුරා ගනිමිනි.
2020 වසරේදි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින්ම සාර්ථක ලකුණු හඹායෑමේ වාර්තාව (ලකුණු 224) කිංග්ස් ඉලවෙන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පිහිටුවා තිබිණි.
එමෙන්ම අයි.පි.එල්. තරග ඉතිහාසයේ ඕනෑම කණ්ඩායමක් සිය අවසන් පන්දුවාර 06 තුළ ලබා ගත් වැඩිම ලකුණු වාර්තාවද රාජස්ථාන් රෝයල්ස් ඊයේ ඔවුන් සතු කරගත්තේ එම පන්දුවාර 6 තුළ ලකුණු 96ක් ලබා ගනිමිනි.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය නායක ජොස් බට්ලර් ඉවසිලිමත්ව ක්‍රිඩා කරමින් අයි.පි.එල්. ඉතිහාසයේ 07 වැනි ශතකය වාර්තා කළේ වැඩිම අයි.පි.එල්. ශතක ලබා සිටින විරාට් කෝලිට පමණක් දෙවැනි වෙමිනි.
කෝලි අයි.පි.එල්. ශතක 08ක් වාර්තා කර ඇත.
එංගලන්තයේ ජොස් බට්ලර් පන්දු 60කදි වාර්තා කළ ලකුණු 107 සඳහා හයේ පහර 06ක් සහ හතරේ 09ක් අන්තර්ගත විය.
මෙම තරගයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදී පන්දුවාර 20 තුළ කඩුලු 06ට ලකුණු 223ක් රැස්කරන ලදී.
යළිත් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරේන් පන්දු 56කදී ලකුණු 109ක් රැස්කළේ හයේ පහර 06ක් සහ හතරේ පහර 13ක් රැස්කරමිනි.
එය නරේන්ගේ අයි.පි.එල්. මංගල ශතකය ද විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවි ලකුණු 224ක් ලබා ගනිමින් තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.
තරගය අවසානයේ බට්ලර් පවසා ඇත්තේ කුමාර් සංගක්කාර විසින් සිය කඩුල්ල විසිකර දැමීම තමන් කරන ලොකුම වැරැද්ද බවට පෙන්වාදුන් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart