
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වාර්තා අලුත් කළ තවත් තරගයක් සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජ් බැංග්ලොර් කණ්ඩායම් අතර ඊයේ පැවැත්විණි.
එහිදි අයි.පි.එල්. පිටියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු වාර්තාව යළිත් අලුත් කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වූයේ ඔවුන් මීට දින කිහිපයකට පෙර තැබු වාර්තාව බිඳදමමිනි.
පළමුව,පන්දුවට පහරදෙමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 287ක් ලබා ගත්තේ අයි.පි.එල්. පිටියේ කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව සටහන් කරමිනි.
හෙන්රික් ක්ලාසින් පන්දු 31කදී ලකුණු 67ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිමේදී දිනේෂ් කාර්තික් පන්දු 35කදී වේගවත් ලකුණු 83ක් සහ නායක ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 28කදී ලකුණු 62ක් රැස්කළහ.
ඒ අනුව, ලකුණු 25ක ජයක් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට හිමිවිය.
ඒ අනුව සමස්ත තරගයේ දී ලකුණු 549ක් වාර්තා වූ අතර එය පන්දුවාර විස්ස තරගයක දී කණ්ඩායම් දෙකක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වෙයි.
මෙම තරගයේදි හයේ පහර 38ක් වාර්තා වු අතර එය පන්දුවාර 20 තරගයක වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස ද ඉතිහාස ගතවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart