
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධ්‍යයන කටයුතු සොරකම් කළ බවට එල්ල වූ චෝදනා මධ්‍යයේ නෝර්වේ සෞඛ්‍ය ඇමැති ඉන්ග්විල්ඩ් කර්කෝල් ඊයේ ඉල්ලා අස්වී තිබේ.
මෙවැනි චෝදනාවක් හමුවේ මේ වසරේ ඉවත් වූ නෝර්වීජියානු රජයේ දෙවැනි සාමාජිකයා ඇය වේ.
උතුරු නෝර්වේ බොඩෝහි නෝර්ඩ් විශ්වවිද්‍යාලය විසින් පවත්වන ලද පරීක්ෂණයකින් දිනකට පසු ඉන්ග්විල්ඩ් කර්කෝල් ඉල්ලා අස් වී ඇත.
කර්කෝල් 2021 දී සිය ප්‍රධාන නිබන්ධනය භාර දී තිබූ අතර ඇගේ ශාස්ත්‍රපති නිබන්ධනයේ නොවැදගත් ප්‍රමාණයේ අධ්‍යයන කොල්ලකෑමක් තිබේ යැයි විශ්වවිද්‍යාලය නිගමනය කර ඇත.
ඒ අනුව “ඉන්ග්විල්ඩ් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට අපි නිගමනයකට පැමිණ සිටිනවා” යනුවෙන් දකුණු කොරියානු අගමැති ජොනස් ගාර් ස්ටෝර් ජනමාධ්‍ය හමුවකදී පැවසීය.
ඔහු පැවසුවේ, මෙම කොල්ලකෑම “චේතනාන්විතව” සිදු වූවක් බව විමර්ශනයෙන් නිගමනය කර ඇති බවයි.
ඉන්ග්විල්ඩ් කර්කෝල් පැවසුවේ තමන් සහ සම කර්තෘවරිය අන් අයගේ පැවරුම් සොරකම් කිරීමට අදහස් නොකළ බවයි.
“විශ්වාස නොකිරීම රිදවනසුළු නමුත්, විශ්වවිද්‍යාලය වෙනස් මතයක සිටීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිදුව තිබෙනවා ” යනුවෙන් ඇය Gahr Støre සමඟ ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවකදී පැවසුවාය.
48 හැවිරිදි ඉන්ග්විල්ඩ් කර්කෝල් 2021 ඔක්තෝබර් මාසයේ සිට නිලයේ කටයුතු කර තිබේ.
මෙම වසරේ ශාස්ත්‍රීය කොල්ලකෑම් චෝදනාවලට පැටලී සිටින දෙවැනි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරිය වන්නේ කර්කෝල්ය.
ජනවාරි මාසයේදී, Sandra Borch පර්යේෂණ සහ උසස් අධ්‍යාපන ඇමැති ධුරයෙන් ඉවත් වූයේ, Borchගේ ශාස්ත්‍රපති නිබන්ධනයේ අක්ෂර වින්‍යාස වැරදි ඇතුළු කොටස් වෙනත් කතුවරයකුගේ ආරෝපණයකින් තොරව පිටපත් කර ඇති බව සොයා ගැනීමෙන් පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart