
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ ස්වාධීන චන්ද්‍රිකා සංචාලන පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින්, එරට මීළඟ පරම්පරාවේ(Next Gen:) සංචලන චන්ද්‍රිකාව වන ‘NVS-03’ සාර්ථකව අභ්‍යවකාශයට යවා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) නිවේදනය කරයි.
ඔක්තෝබර් 30 වැනි දින ශ්‍රී හරිකෝටා හි සතිෂ් ධවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ‘GSLV-F18’ රොකට්ටුව ආධාරයෙන් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කර ඇත. පසුව, නියමිත පරිදි එය භූ-සමස්ථිතික මාරු කක්ෂයට ඇතුළත් කිරීමට රොකට්ටුව සමත් වූ බව ISRO තහවුරු කර තිබේ.
ඉන්දියාවේ දේශීය ‘NavIC’ (Navigation with Indian Constellation) පද්ධතිය පුළුල් කිරීම සඳහා නිර්මාණය කරන ලද දෙවැනි පරම්පරාවේ සංචලන චන්ද්‍රිකා මාලාවේ තුන්වැනි වැදගත් සාමාජිකයා වන්නේ මෙම NVS-03 චන්ද්‍රිකාවයි. ඇමරිකාවේ GPS පද්ධතියට විකල්පයක් ලෙස ක්‍රියාත්මක වන මෙමඟින්, සිවිල් මෙන්ම උපායමාර්ගික අවශ්‍යතා සඳහා ද පිහිටීම, සංචලනය සහ කාල නිර්ණය කිරීමේ සේවාවන් ලබා දේ.
විශේෂයෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවල් ආවරණය වන පරිදි, දේශසීමාවෙන් ඔබ්බට කිලෝමීටර් 1,500 ක ප්‍රදේශයක් මෙහි ආවරණ සීමාවට අයත් වේ. නවීන සංචලන උපකරණ සමඟ වඩාත් මනාව ගැළපෙන පරිදි, ඉන්දියාව විසින්ම නිපදවන ලද පරමාණුක ඔරලෝසුවක් සහ අමතර L1 සංචාලන සංඥාවක් මෙම චන්ද්‍රිකාවට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
චන්ද්‍රිකාව ඔක්තෝබර් 31 වැනි දින සිය පළමු කක්ෂීය උපාමාරුව සාර්ථකව නිම කර ඇති අතර, ඉදිරි දිනවලදී එය නියමිත ස්ථිර භූ-සමස්ථිතික කක්ෂයේ පිහිටුවීමට නියමිතය.
මෙම සාර්ථක දියත්කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ISRO විද්‍යාඥයන්ට සහ ඉංජිනේරුවන්ට සිය ප්‍රශංසාව සහ සුබපැතුම් පුදකර තිබේ. විදේශීය සංචලන පද්ධති මත යැපීම අවම කරමින්, තාක්ෂණික අතින් ස්වයංපෝෂිත රටක්බවට පත්වීමේ තවත් සන්ධිස්ථානයක් ලෙස මෙම මෙහෙයුම හැඳින්විය හැකි බව විද්‍යා වාර්තා පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart