
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) මගින් පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලිවල මෙරට විකාශන අයිතිය MTV චැනල් පෞද්ගලික සමාගම වෙත ලබා දී ඇති බව අද (12) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) පවසන්නේ, ලබන වසර අවසානය දක්වා පැවැත්වෙන තරගවල විකාශන අයිතිය මෙලෙස ප්‍රදානය කළ බවයි.
මෙරට ක්‍රීඩා ලෝලීන්ට සිරස TV, ශක්ති TV, TV1 හරහා තරග නැරඹිය හැකි අතර අන්තර් ජාලය හරහා නැරඹීමේ අවස්ථාව www.sirasatv.lk වෙබ් අවකාශය හරහා ලැබෙනු ඇති.
ඒ අනුව, ලබන වසර අවසානය දක්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන තරග වන්නේ, 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, 2024 පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025 වයස 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, 2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය, 2025 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගය හා 2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart