
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රථමයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට විවාදයකට ආරාධනා කළ බව පවසන ජාජබ කියාසිටින්නේ, සජබ සමහර සාමාජිකයින් දැන් මුල් විවාදයෙන් අවධානය වෙනතකට යොමුකිරීමට උත්සාහ කරන බවයි.
නිවේදනයක් නිකුත් කරමින් ජාජබ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, දෙපාර්ශවය අතර විවාදයක් පිළිබඳ පළමු සංවාදය නිර්මාණය වූයේ, 2023 වසරේ රූපවාහිනී වැඩසටහනකදී රටේ සංවර්ධනය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස සමඟ විවාදයකට සූදානම් බව පවසමින් කළ ප්‍රකාශයත් සමඟ බවයි.
එහිදී හෙළිනොකළ හේතූන් මත සජිත් ප්‍රේමදාස විවාද අභියෝගය ප්‍රතික්ෂේප කළ බවත්, සජබ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ජාතික ජන බලවේගයේ ආර්ථික සභාව සමඟ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විකල්ප විවාදයක් යෝජනා කළ බවත් ඔහු පවසයි.
වෛද්‍ය ජයතිස්ස පෙන්වාදෙන්නේ, ජාතික ජන බලවේගයේ ආර්ථික සභාව විවාදය මඟහැර සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර චෝදනා කරන්නේ, තම පාර්ශ්වය මුලින්ම විවාදය යෝජනා කළ බව අමතක කර බවය.
ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් අර්බුදයෙන් ගොඩඒමට සහ ලොව සංවර්ධිත රටක් ලෙස ඉදිරියට ගෙනයෑමට අදාළ උපායමාර්ගික සැලැස්මක් සහ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගයේ ආර්ථික සභාව සතුව පවතින බැවින් ආර්ථිකය පිළිබඳ කතිකාවෙන් වැළකී සිටීමට අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වාදෙයි.
එබැවින් රට වැටී ඇති සමස්ත අර්බුදයෙන් ගොඩ ඒමේ මාවත පිළිබඳව අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදයක් පළමුව පැවැත්වීමට ජාතික ජන බලවේගය සූදානම් බව වැඩිදුරටත් ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart