
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශයට එරෙහි ICC ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලිය 2-0ක් ලෙස සම්පූර්ණ කිරීමට උදව් කරමින් චිතගොං හිදී තම කණ්ඩායමට ලකුණු 192 ක ජයග්‍රහණයක් ලබාදීමට දායකවූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ICC පිරිමි ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇත.
කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් සහ 9ක් ලබාගැනීම හේතුවෙන් ඔහු පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ස්ථාන 18කින් 46 වැනි ස්ථානය දක්වා ඉහළ පැමිණ ඇති අතර දෙවැනි ඉනිමේ ඔහුගේ කඩුලු ත්‍රිත්ව දවාගැනීමත් සමඟ, ඔහු පන්දු යවන්නන් අතර ස්ථාන 46ක් ලබා 117 වැනි ස්ථානයට පත්ව තිබේ.
2014 අගෝස්තු මාසයේදී ක්‍රිකට් ජීවිතයේ ඉහළම තෙවැනි ස්ථානයට පත්වූ මැතිව්ස් මෙවර ලකුණු 23ක් සහ 56ක් ලබා ගනිමින් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 25 වැනි ස්ථානය දක්වා පැමිණ ඇත.
ශ්‍රී ලංකා පිතිකරුවෙකුගේ තවත් කැපී පෙනෙන වෙනසක් වන්නේ, කුසල් මෙන්ඩිස් පළමු ඉනිමේදී ලකුණු 93ක් ලබාගනිමින් ස්ථාන 3ක් ඉදිරියට පැමිණ 52 වැනි ස්ථානයේ රැඳී සිටීමට සමත්ව සිටී.
පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් අනුව අසිත ප්‍රනාන්දු පළමු ඉනිමේ කඩුලු 4ක් දවා ගනිමින් ස්ථාන 7ක් ඉදිරියට පැමිණ 27 වැනි ස්ථානය දක්වාත්, විශ්ව ප්‍රනාන්දු තරගයේ කඩුලු 3ක් සමඟින් 43 වැනි ස්ථානයේ සිට 41 වැනි ස්ථානය දක්වාත්, ලහිරු කුමාර 46 වැනි ස්ථානයේ සිට 44 වැනි ස්ථානය දක්වාත් පැමිණ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart