
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අතිශය දුර්ලභ අන්ධ, රන්පැහැ ලෝම සහිත මෝල් සත්වයකු ඕස්ට්‍රේලියානු පිටිසරබද ප්‍රදේශයකින් හමුවී තිබේ.
මෝල් යනු ක්ෂීරපායි සත්ව විශේෂයක් වන අතර එම සතුන් සමීප නෑකමක් දක්වන්නේ ගිනිපිග් සතුන්ටය.
ඇතැම්විට ‘මෝල් රැට්’ ලෙස ද මෙම සත්ව විශේෂය හඳුන්වනු ලබයි.
මෙම සත්ව විශේෂය අමෙරිකාව, යුරෝපය , ආසියාව ආදී මහද්වීපවලින් වැඩි වශයෙන් වාර්තා වේ.
ඕස්ට්‍රේලියානු පිටිසරබද ප්‍රදේශයකින් හමුවූ සත්වවිශේෂය උතුරු මෝල් පැසිපොව්වන් නොහොත් කකර්රතුල් ලෙස හඳුන්වනු ලබයි.
එම සතුන් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ ඉතා දුරස්ථ ප්‍රදේශයක වන අතර එම සතුන් කොපමණ සංඛ්‍යාවක් ඇත්දැයි නොදන්නා තරමට අපහැදිලි බව පැවසේ.
අල්ලක ප්‍රමාණය ඇති මෙම සත්වයාට රන්වන් පැහැ සේද වැනි ලෝම ඇති අතර ඇස් තිබී නැත.
ගොරෝසු වලිගයක් සහ ඇඟිලි එකිනෙක හා යාවුණු දෑත් දක්නට ලැබේ.
උතුරු මෝල් පැසිපොව්වන් දැකීම සාමාන්‍යයෙන් සිදුවන්නේ සෑම දශකයකටම කිහිප වතාවක් පමණි.
පර්ත් සිට කිලෝමීටර් 1,500ක් පමණ දුරින් පිහිටි කන්යර්නින්ප ජුකුර්ර්පා මාටු මහා වැලි කාන්තාරයේ වැඩ කරමින් සිටි, සංස්කෘතික හා දේශීය දැනුම භාවිත කරන ආදිවාසී පිරිසකට වන නිලධාරීන් විසින් මෙම සත්වයා දැක තිබේ.
මෙම ජීවීන් කෙතරම් දුර්ලභද යත්, ඔවුන්ගේ පැවැත්ම බොහෝ මිනිසුන්ට අභිරහසක්ව පවතින බව කාන්තාර වනජීවී විශේෂඥ ගැරත් කැට් පවසයි.
“කෙනෙක් එම සත්වයෙක් දුටුවත් ඒ කුමක්දැයි දන්නේ නැහැ.ඇතැමුන් මෙම සතුන් හඳුනා ගන්නේ ගිනි පිග් සතුන් කියලා,” යනුවෙන් ඔහු BBC වෙත පවසා තිබේ.
වළවල්වල ජීවත්වන මෙම සතුන් හුදකලා කාන්තාරවල කඳු වැටි තුළ ජීවත් වන අතර මතුපිට ගත කරන්නේ ඉතා සුළු කාලයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart