
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව තුළ තම අනාගතය සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලින් අනතුරුව බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ප්‍රකාශකර තිබේ.
තම විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් පළවන විවිධ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් චමරි අතපත්තු මේ බව ප්‍රකාශකර ඇත.
තම අවධානය සම්පූර්ණයෙන්ම යොමු වී ඇත්තේ එළඹෙන ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා බව ඇය ප්‍රකාශකර තිබේ.
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ T20 විශිෂ්ට තරඟාවලි ජයග්‍රහණයෙන් පසුව ‘මගේ රට වෙනුවෙන් අවසන් රාජකාරිය’ යනුවෙන් සඳහන් කර අතපත්තු දමා තිබු ෆේස්බුක් සටහනකින් විශ්‍රාම ගැනීම පිළිබඳ ඉඟි මතුව තිබිණි.
එහෙත් එම ෆේස්බුක් සටහන මේ වනවිට මකා දමා තිබේ.
දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරඟාවලියට පෙර ඇය අවධාරණය කළේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරි කැපවීම් කෙරෙහි ඇයගේ මූලික අවධානය යොමු වී ඇති බවයි.
තමන් තවමත් විශ්‍රාමයෑමට තීරණය කර නොමැති බව චමරි අතපත්තු දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයට ආසන්න දිනකදී ප්‍රකාශකර තිබිණි.
“අපිට ඒ ගැන පසුව කතා කරන්න පුළුවන්. මේ මොහොතේ, මම දකුණු අප්‍රිකාව සමග එක්දින තරඟ සහ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ ගැනයි අවධානය යොමු කරන්නේ. ඉදිරියේදී බලමු.” යනුවෙන් ඇය එහිදී ප්‍රකාශකර තිබිණි.
අවම වශයෙන් සුදුසුකම් ලැබීමේ වටය දක්වා අතපත්තු ශ්‍රී ලංකාවට නායකත්වය දෙනු ඇති අතර මේ වසරේ අගභාගයේදී බංග්ලාදේශයේ පැවැත්වෙන ප්‍රධාන තරඟාවලිය සඳහා ඔවුන්ගේ ආසනය වෙන්කරවා ගැනීමට නම් අවසන් මහා තරඟයට පැමිණිය යුතුය.
අප්‍රේල් 25 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරගවලදී ස්කොට්ලන්තය, තායිලන්තය, උගන්ඩාව සහ අමෙරිකා එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකාව A කාණ්ඩයට ඇතුළත්ව සිටී.
කාණ්ඩ දෙකෙන් පළමු ස්ථාන දෙක අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින තත්ත්වයන් සාර්ථක කරගැනීමට අවශ්‍ය අනුවර්තනය වීමේ හැකියාව ඉස්මතු කරමින් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර සිය කණ්ඩායමේ දස්කම් පිළිබඳ චමරි අතපත්තු විශ්වාසය පළ කළාය.
“මට මගේ කණ්ඩායම ගැන හොඳටම විශ්වාසයි,” අතපත්තු වැඩිදුරටත් පවසා තිබේ.
“අපි මේ වෙනකොට හොඳට ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ තත්ත්වයන් තිබෙන්නේ. එය පිතිකරුවන්ට ඇත්තෙන්ම හොඳයි. සෑම කණ්ඩායමක්ම සුදුසුකම් ලැබීමේ තරගවලට යන්නේ ජයග්‍රහණය සඳහායි, එමනිසා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟවලදීද අපි හොඳම ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි. මගේ පන්දු යැවීමේ ඒකකය සහ පිතිකරණ අංශය ගැන මට හොඳටම විශ්වාසයි.” යනුවෙන් චමරි පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart