
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය සහ පිලිපීනය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් තීව්‍ර වී තිබේ.
පිලිපීන නෞකාවකට එල්ල වූ ප්‍රහාරයක් ඊට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
දකුණු චීන මුහුදේ තෝමස් ෂෝල් වෙත ලගා වූ පිලිපීන නෞකාවකට චීනය එලෙස ජල ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය හමුවේ පිලිපීන නෞකාවේ සිටි කාර්යය මණ්ඩල සාමාජිකයින්ට හානි සිදුව ඇතැයි පැවසේ.
ප්‍රහාරයෙන් නෞකාවට ද දැඩි හානි සිදුව ඇතැයි සඳහන්.
දකුණු චීන මුහුදේ යාත්‍රා කරන නෞකාවලට ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් මෑතකාලීනව අවස්ථා රැසකදී චීනයට චෝදනා එල්ල විය.
පිලිපීනය පවසන්නේ සිය මුහුදු සීමාව භාවිත කිරීමේ අයිතිය තමන්ට පවතින බව හා එය උල්ලංඝනය කිරීමට චීනයට නොහැකි බවයි.
එබැවින් සිය රටට එරෙහිව චීනයේ ආක්‍රමණයන්ට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථිකමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පිලිපීනය අමෙරිකාවට පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart